වේලාසනින් එක්දින තරගාවලි ජයකට සැරසෙන ශ්‍රී ලංකාව අද පස්වරුවේ පිටියට

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද (17) පස්වරුවේ පැවැත්වෙනවා.

සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගය පල්ලෙකැලේ දී ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඒ අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් වේලාසනින් ම මව්බිමේ දී කිවියන්ට එරෙහිව ලබන 19 වැනි එක්දින තරගාවලි ජය මෙය වන නිසාවෙන්.

නැතහොත් තුන්වැනි එක්දින තරගය දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත් කරගැනීමටත්, තරගාවලි ජයග්‍රහණය ගැන කිවියන්ටත් සිහින දැකීමට නම් අද තරගය නියත වශයෙන් ම නවසීලන්තය ජයග්‍රහණය කළ යුතු වනවා.

දෙරට අතර එක්දින තරග 103ක් මෙතෙක් පවත්වා ඇති අතර එහි වැඩිම වාසි ප්‍රමාණයක් තරග 52ක් ජයගනිමින් කිවියන්ට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 42ක් පමණයි.

තරග අත් හැර දැමීම් 08ක් ඇති අතර සමවීම් එකක් පවතිනවා.

ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටත නවසීලන්තයට එරෙහිව තරග 12ක් දිනා ඇති අතර නවසීලන්තය දිනා ඇත්තේ තරග 08ක් පමණයි.

අද තරගය සුපුරුදු පරිදි නායකත්වය චරිත් අසලංක සහ කිවි නායක සැන්ට්නර් විසින් මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00