ගුරුවරියන් දෙදෙනකුගේ පහරකෑමට ලක් වූ සිසුවිය මෙලොවින් සමු ගනියි

මීට මාස තුනකට පමණ පෙර වෙන්නප්පුව ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනකු විසින් එල්ල කරන ලද දරුණු පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අංශය වෙන්නප්පුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා සඳහන් කළේ එම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දිනයේ දීම සිදු කළ දේහය ඥාතීන්ට භාර දුන් බවත්; ඇයගේ මරණයට හේතුව වී ඇත්තේ එල්ල වූ ප්‍රහාරවලින් මොළයට විශාල වශයෙන් සිදු වූ රුධිර වහනයක් බවයි.

මෙම දැරිවිය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට අපේක්ෂාවෙන් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එම ප්‍රදේශයේ ම පදිංචි රමේෂා දිනිති නමැත්තියක් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් නික්ම ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී ඇති බව ද වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඇයගේ පන්තිභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක විසින් මෙම අමානුෂික පහරදීම සිදු කරනු ලැබුවේ අගෝස්තු මස 23 වැනිදිනයි.

එහිදී අදාළ දැරිය තවත් සිසුවියක් සමගින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ පිළිබඳව විමසීමේදී පරස්පර පිළිතුරු දීම හේතුවෙන් ඇයට පහර දී අව්වේ දණ ගැස්සවූ බවත් ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අත් අඩංගුවට ගැනුණු 39 හා 57 යන වයස්වල පසුවන සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණය මගින් ශරීර ඇප මත මුදාහැරුණේ පසුගිය සැප්තැම්බර් මස 13 වැනිදායි.

අදාළ පහරදීම පසුගිය අගෝස්තු මස 9 වනදා සිදු ව තිබූ අතර පහරදීම හේතුවෙන් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙන්.

අනතුරුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
26
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59