ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් – අපේක්ෂිකාවකගේ ආධාරකරුවෙකුගේ වැඩක්

මහ මැතිවරණයේ මාධ්‍ය ආවරණ කටයුත්තකට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පහරකෑමෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය මාධ්‍යවේ දී එස්. සතිස් මහතා මේ වනවිට (14) බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

බගවන්තලාව කර්කස්වොල් වතු යායේදියි බීමත් ව සිටි පුද්ගලයෙකු මාධ්‍යවේදියාගේ පසුපසින් පැමිණ වෙළෙඳසැලකින් පිහියක් ද රැගෙන විත් තමාගේ හිසට පහර දුන් බවට ප්‍රාදේශීය මාධ්‍යවේදී සතිස් මහතා පවසන්නේ.

පහරකෑමෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදියාගෙ හිසට තුවාල සිදුව තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග වැදුණු අපේක්ෂිකාවකගේ ආධාරකරුවෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කළ බව ද තුවාලකරු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46