Empty Ad
AFC Banner
Empty Ad

එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත නිකුත් වෙයි – තැපැල් ඡන්ද ගණනයත් ඇරඹෙයි

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත ප්‍රමාණය මේ වනවිට (14) නිකුත් වෙමින් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ; කොළඹ දිස්ත්‍රික්කය තුළ 65% ක්, නුවරඑළිය 68% ක්, කුරුණෑගල 64% ක්, මඩකලපුව 61% ක්, මාතර 64%ක්, පුත්තලම 56%ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 65%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම බදුල්ල 66%ක්, මන්නාරම 70%ක්, ත්‍රිකුණාමලය 67%ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 63%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වුණා.

එම කටයුතු පස්වරු 4ට අවසන් වුණා.

2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරක්න වන අතර ඡන්ද මධ්‍යස්ථාන 13,314ක දී ඡන්ද විමසීමේ කටයුතු සිදු වුණා.

අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සාමකාමී ව සිදු වු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළ.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක්.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?