එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත නිකුත් වෙයි – තැපැල් ඡන්ද ගණනයත් ඇරඹෙයි

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත ප්‍රමාණය මේ වනවිට (14) නිකුත් වෙමින් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ; කොළඹ දිස්ත්‍රික්කය තුළ 65% ක්, නුවරඑළිය 68% ක්, කුරුණෑගල 64% ක්, මඩකලපුව 61% ක්, මාතර 64%ක්, පුත්තලම 56%ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 65%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම බදුල්ල 66%ක්, මන්නාරම 70%ක්, ත්‍රිකුණාමලය 67%ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 63%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වුණා.

එම කටයුතු පස්වරු 4ට අවසන් වුණා.

2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරක්න වන අතර ඡන්ද මධ්‍යස්ථාන 13,314ක දී ඡන්ද විමසීමේ කටයුතු සිදු වුණා.

අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සාමකාමී ව සිදු වු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළ.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක්.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32