කොමිසමට ආ පැමිණිලි ගැන නිවේදනයක් – බොහෝ පැමිණිලි විසඳා අවසන් (නිවේදනය)

ගෙවුණු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (13) පස්වරු 4.30 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගෙවුණු කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 250ක් වාර්තා වී තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී ඇති අතර නීති උල්ලංඝනය කිරීම් 212ක් ඇතුළු මුළු පැමිණිලි 213 ලැබී ඇති බවයි.

ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සමගින් මුළු පැමිණිලි 463ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර මැතිවරණය ප්‍රකාශයට පත් කළ සැප්තැම්බර් මස 26 වැනි දින සිට නොවැම්බර් මස 13 වැනි දින තෙක් දිවයින පුරා ප්‍රචණ්ඩ ක්‍රියා 23ක්, නීති උල්ලංඝනය කිරීම් 3764ක්, වෙනත් පැමිණිලි 35ක් සමගින් මුළු පැමිණිලි සංඛ්‍යාව 3822ක් ලැබී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට ලැබුණු පැමිණිලිවලින් ඊයේ (13) දිනය තෙක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි 1206න් 659 විසඳා අවසන් බවත් තවදුරටත් විසඳීමට ලක් කරමින් පැමිණිලි 547ක් පවතින බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?