ICC එක්දින පිතිකරණ ලැයිස්තුවේ චරිත් අසලංකට උසස් වීමක් (ඡායාරූප)

ICC විසින් සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව (නොවැම්බර් 12) ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සහ නායක චරිත් අසලංක එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබෙනවා.

අසලංක 10 වැනි ස්ථානයේ සිට 09 වැනි ස්ථානය දක්වායි මෙලෙස ඉහළට පැමිණ ඇත්තේ.

ඔහුට ප්‍රසාද ලකුණු 670ක් හිමි ව තිබෙනවා.

මෙම ජයග්‍රහණයට බලපෑ ආසන්නතම හේතුව වන්නේ මෙම වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව අසලංක දැක්වූ දක්ෂතායි.

එක්දින ශ්‍රේණිගත කිරීම් හි මුල් දසදෙනා අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු සිටීම ද විශේෂත්වයක්.

චරිත්ට අමතරව මෙහි 7 වැනි ස්ථානය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හිමිකරගෙන සිටිනවා.

අසලංක එක්දින තරග 66කට ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 14ක් සහ ශතක තුනක් හිමිකරගෙන තිබෙනවා.

ඔහු ලැබූ ඉහළතම එක්දින ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 110යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32