ආයතනයක තිබූ වටිනා යන්ත්‍රෝපකරණ ඉස්සූ සැකකරුවන් දෙදෙනකු පොලිසියට හසුවෙයි

වැලිගම ප්‍රදේශයේ පිහිටි දැවැන්ත අපනයන කර්මාන්ත ශාලාවක් සතු ව තිබූ රුපියල් ලක්ෂ විස්සකට වැඩි වටිනාකමින් යුත් යන්ත්‍ර උපකරණ අමතර කොටස් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු එම අමතර කොටස් සමග අද (12) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම පොලිසිය විසින් සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ප්‍රමුඛ සන්නාමයක් යටතේ වැලිගම ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව මගින් අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කොට එම භාණ්ඩ විවිධ රටවල් සඳහා අපනයන සිදු කරනු ලබන බව වාර්තා වනවා.

මෙම ආයතනය සතු බොහෝ දේපළ අවස්ථා ගණනාවක දී අස්ථානගත වීම් පිළිබඳව පැමිණිලි ගණනාවක් මිදිගම පොලිසිය වෙත මීට පෙර ද ලැබී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ පිළිබඳව ද මිදිගම පොලිසියේ ස්ථානාධිපති අසෝක අබේවර්ධන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා.

⁣කෙසේ නමුත් එම සිදුවීම්වලට ම ආසන්න සිද්ධියක් ලෙස ඔක්තෝබර් 02 වැනි දින මෙම ආයතනයේ භාණ්ඩ සොරකමක් පිළිබඳව ආයතනයේ බලධාරීන් විසින් මිදිගම පොලිසියට යළිත් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කාලයක සිට සිදු කළ විමර්ශන මත යන්ත්‍ර සූත්‍ර සඳහා යොදා ගන්නා රුපියල් ලක්ෂ විස්සකට වැඩි වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 26ක් බරැති පිත්තල බුස් හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අද අත්අඩංගුවට ගැනුණා.

එම සැකකරුවන් මිදිගම සහ බටවල ප්‍රදේශයේ පදිංචි වයස 30 හා 56 පසුවන අය බවයි වාර්තා වන්නේ.

මෙම සොරකම් සඳහා සම්බන්ධ තවත් සැකකරුවන් පස්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි පොලිසිය පවසනවා.

සැකකරුවන් කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18