නිහඬ කාලසීමාව ක්‍රියාත්මකයි – විදෙස් නිරීක්ෂකයින් මැතිවරණ කොමිසම හමුවෙයි

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ, අනුව මේ වනවිට නිහඬ කාලසීමාව ක්‍රියාත්මකයි.

අනිද්දා (14) දිනය දක්වා මෙම නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

මෙවර මැතිවරණ රාජකාරී කටයුතු වෙනුවෙන් රාජ්‍ය සේවකයින් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

මේ අතර ඡන්ද පෙට්ටි අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හෙට (13) දිනයේ දී සිදුකෙරෙන අතර, මැතිවරණය පැවැත්විමට අවශ්‍ය ආරක්ෂාව මේ වනවිටත් සලසා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

මේ අතර අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත්කර ගැනීමට අද (12) මධ්‍යම රාත්‍රිය දක්වා මැතිවරණ නීති අනුව කාලය ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙවර මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා විදෙස් නිරීක්ෂකයින් 20 කට අධික පිරිසක් එක්වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඊට මැතිවරණ කොමිෂන් ආරාධනයෙන් මෙරටට පැමිණෙන විදෙස් නිරීක්ෂකයින් 10ක් ද ඇතුළත්.

ඔවුන් අද (12) දිනයේ දී කොමිසම හමු වී සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වුණේ.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අපේක්ෂකයින් 8,361 දෙනෙක් තරග වදිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32