මැතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් – මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලසීමාව ක්‍රියාත්මකයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඒ, අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීමට හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කාලය ලබා දී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

මේ අතර එම කොමිෂන් සභාව නිවේදනය කරන්නේ එක් එක් ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති නිවේදිත ශාඛා මැතිවරණ කාර්යාල, මැතිවරණ කොට්ඨාස බල ප්‍රදේශ මට්ටමින් පිහිටුවා ඇති නිවේදිත මාධ්‍ය මැතිවරණ කාර්යාල සහ අපේක්ෂකයාගේ පදිංචි නිවස කාර්යාලයක් ලෙස යොදාගෙන ඇත්නම් ඒවා ලබන 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන යා හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:55
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:19
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුර ඇඟ හිරිවැටෙන දර්ශන
05:04
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57