ඉන්දීය ටෙස්ට් නායකයා ඕස්ට්‍රේලියාව සමඟ පළමු තරගයට නැහැ

තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට පෙර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සෙසු ක්‍රීඩකයින් සමඟ ඕස්ට්‍රේලියාවට නොයන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වන බවයි ක්‍රිකට් ආරංචි ආරංචි මාර්ග සඳහන් කළේ.

ෂර්මාට එම තරගය අහිමිව යාමත් සමඟ පළමු තරගයේ දී ඉන්දීය පිළ මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය සංචිතය ලබන ඉරිදා සහ සඳුදා කණ්ඩායම් දෙකකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පුද්ගලික හේතූන් මත රෝහිත් ෂර්මා කණ්ඩායම සමඟ ගමන් නොකරන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර පළමු තරගය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් කැඳවා ඇති අතර, ජෝෂ් ඉන්ග්ලිස් ද ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් 22 වැනිදා පර්ත් හිදී ආරම්භ වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සංචිතය,

පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, ජෝෂ් හසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා,මානස් ලැබුචේන්, නේතන් ලියොන්, මිච් මාෂ්, නේතන් මැක්ස්වීනි, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26