Update – අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

අද (10) දහවල් අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත් වූ යුවළ අම්බලන්ගොඩ ගලගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි 47 සහ 50 හැවිරිදි හැවිරිදි වියේ පසුවූවන් බවයි වුණේ.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට වූ මෙම යුවළට එරෙහිව මහාධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පැමිණ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂාව සිදුකර තිබෙනවා.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස පොලිසියට නියෝග කර සිටියා.

Update – 2024-11-10 01.49PM

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ දී අද (10) දහවල් සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔවුන් දෙදෙනාට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹුසැමි යුවළක් බවයි අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41