ශ්‍රී ලංකා පන්දු යැවීම ඉදිරියේ නවසීලන්ත පිතිකරුවන් අසරණ වෙයි

ශ්‍රී ලංකාව සමඟ පවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 03ක් තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 135කට සීමා වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ආකාරය දැකගත හැකි වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස නවසීලන්තයට පළමු පන්දුවාර 10 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 60ක් පමණයි.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 26ක් රැස්කළ අතර, සකරි ෆොක්ස් ලකුණු 27ක් රැස් කළා.

නවසීලන්ත ඉනිම තුළ වාර්තා වුණේ හතරේ පහර අටක් සහ හයේ පහර තුනක් වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ, වනිදු හසරංග සහ නුවන් තුෂාර අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

දුනිත් වෙල්ලාලගේ දවාගත් කඩුලු සංඛ්‍යාව 03ක්.

ඒ, අනුව මෙම තරග ජයගැනීමට ශ්‍රී ලංකාවට පන්දු 120ක් තුළ ලකුණු 136ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14