නුවරඑළියේ සුවිසල් ම වාණිජ ගොඩනැගිල්ලට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් (ඡායාරූප)

නුවරඑළියේ මෙතෙක් ඉදි වූ සුවිසල්ම වාණිජ ගොඩනැගිල්ල විවෘත කිරීම වළක්වමින් මහා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ රජයන් දෙකක් තුළ රුපියල් කෝටි 270ක සමස්ත ඇස්තමේන්තු ගත වියදමෙන් ඉදි කරමින් පැවති දැනට 60% ක පමණ වැඩ අවසන් කර ඇති නුවරඑළිය නගර මධ්‍යයේ සුවිසල් තෙමහල් ගොඩනැගිල්ලක් ගිවිසුම් උල්ලංඝනය කිරීමේ කරුණ මුල් කර ගනිමින් නුවරඑළිය මහ අධිකරණයෙන් උක්ත ගොඩනැගිල්ල විවෘත කිරීමට බාහිර පාර්ශ්වයන්ට ඇතුළු වීමට හා කඩ කාමර යතුරු භාරදීම වළක්වමින් මෙලෙස අතුරු තහනම් නියෝගයක් ඊයේ (07) නිකුත් කරන ලද බවයි.

නුවරඑළිය මධ්‍යම වෙළඳපොළ ගොඩනැගිල්ලේ වෙළඳසැල් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් සඳහා නුවරඑළි නව මධ්‍යම වෙළඳපොලේ ගොඩනැගිල්ලේ සුදුසු වෙළඳසැල් ලබාදීමේ අරමුණින් කඩ කාමර හිමියන් සහ වෙළෙඳ ව්‍යාපාරික ගුණයන් සමග ගිවිසුම්ගත වී 2018 වසරේ එවකට රජයේ නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් කටයුතු කළ පාඨලී චම්පික රණවකගේ උපදෙස් පරිදි එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය ඉන් පසුව හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නවීන් දිසානායකගේ හා හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මූලිකත්වයෙන් මුල්ගල් තබා මෙහි වැඩ ආරම්භ කෙරුණා.

ඉන් අනතුරුව එම ගොඩනැගිල්ල සැලසුම් මුළුමනින්ම වෙනස්කොට දේශපාලකයන්ට හා රජයේ ආයතනය නිලධාරීන්ගේ වුවමනාව පරිද්දෙන් කඩ කාමරවල වර්ග අඩි ප්‍රමාණය අඩු වැඩි වශයෙන් වෙනස්කර ගිවිසුම් උල්ලංඝනය කරමින් කඩ කාමරවල ප්‍රමාණ වෙනස් කිරීමේ හේතුව මුල්කොට ගනිමින් නුවරඑළිය මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වගඋත්තරකරුවන් කරමින් පෙත්සම්කරුවන් 08 දෙනකු විසින් 2024.10.29 වන දින අංක HC/NE/Writ/06/2024 දරණ නඩුව නුවරඑළිය පළාත්බද මහාධිකරණයේ ගොනු කරනු ලැබුවා.

එම නඩුවට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය හා වග උත්තරකාර පාර්ශ්වයන් විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ ම කරුණු සලකා බැලීමෙන් පසුව නුවරඑළිය පළාත්බද මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් උක්ත නඩුව සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් මෙලෙස ලබා දුන්නා.

ඒ අනුව මෙකී පෙත්සමේ සඳහන් ප්‍රශ්නගත ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කිරීම , වෙළඳ කුටිවල යතුරු භාර දීම, කිසිදු බාහිර පාර්ශ්වයකට බිම් මහලේ පිහිටි ගොඩනැගිලිවල භුක්තිය බැහැර කිරීම වාරණය කරමින් වග උත්තරකරුවන්ට එරෙහි අතුරු නියෝගයක් ඉදිරි දින දක්වා නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

එලෙස අතුරු තහනම් නියෝගයක් ලබා දුන් ගොඩනැගිල්ලේ රන් ආභරණ ඇඳුම් පැළඳුම් ඇතුලු කඩ සාප්පු හා ෆාමසි 30ක්, එළවලු, මස් මාළු වෙළඳසැල් 40ක්, සුපිරි වෙළඳසැලක් ,සුවපහසු රැස්වීම් ශාලාවක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, නව කඩ කාමර වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක් හා රජයේ ආයතනවලට සම්බන්ධ කාර්යාල රැසක් ද ඇතුළත්.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිමල්කා ප්‍රබෝධනී ද සිල්වා මෙනෙවියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ උචිත එස් බණ්ඩාර නීතිඥ තිසුල විජේසේකර යන මහත්වරුන් පෙනී සිට ඇති අතර වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේෂ් ගයාන් මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියා.

IMG 20241108 090534 scaled
IMG 20241108 WA0057


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18