නුවරඑළියේ සුවිසල් ම වාණිජ ගොඩනැගිල්ලට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් (ඡායාරූප)

නුවරඑළියේ මෙතෙක් ඉදි වූ සුවිසල්ම වාණිජ ගොඩනැගිල්ල විවෘත කිරීම වළක්වමින් මහා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ රජයන් දෙකක් තුළ රුපියල් කෝටි 270ක සමස්ත ඇස්තමේන්තු ගත වියදමෙන් ඉදි කරමින් පැවති දැනට 60% ක පමණ වැඩ අවසන් කර ඇති නුවරඑළිය නගර මධ්‍යයේ සුවිසල් තෙමහල් ගොඩනැගිල්ලක් ගිවිසුම් උල්ලංඝනය කිරීමේ කරුණ මුල් කර ගනිමින් නුවරඑළිය මහ අධිකරණයෙන් උක්ත ගොඩනැගිල්ල විවෘත කිරීමට බාහිර පාර්ශ්වයන්ට ඇතුළු වීමට හා කඩ කාමර යතුරු භාරදීම වළක්වමින් මෙලෙස අතුරු තහනම් නියෝගයක් ඊයේ (07) නිකුත් කරන ලද බවයි.

නුවරඑළිය මධ්‍යම වෙළඳපොළ ගොඩනැගිල්ලේ වෙළඳසැල් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් සඳහා නුවරඑළි නව මධ්‍යම වෙළඳපොලේ ගොඩනැගිල්ලේ සුදුසු වෙළඳසැල් ලබාදීමේ අරමුණින් කඩ කාමර හිමියන් සහ වෙළෙඳ ව්‍යාපාරික ගුණයන් සමග ගිවිසුම්ගත වී 2018 වසරේ එවකට රජයේ නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් කටයුතු කළ පාඨලී චම්පික රණවකගේ උපදෙස් පරිදි එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය ඉන් පසුව හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නවීන් දිසානායකගේ හා හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මූලිකත්වයෙන් මුල්ගල් තබා මෙහි වැඩ ආරම්භ කෙරුණා.

ඉන් අනතුරුව එම ගොඩනැගිල්ල සැලසුම් මුළුමනින්ම වෙනස්කොට දේශපාලකයන්ට හා රජයේ ආයතනය නිලධාරීන්ගේ වුවමනාව පරිද්දෙන් කඩ කාමරවල වර්ග අඩි ප්‍රමාණය අඩු වැඩි වශයෙන් වෙනස්කර ගිවිසුම් උල්ලංඝනය කරමින් කඩ කාමරවල ප්‍රමාණ වෙනස් කිරීමේ හේතුව මුල්කොට ගනිමින් නුවරඑළිය මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වගඋත්තරකරුවන් කරමින් පෙත්සම්කරුවන් 08 දෙනකු විසින් 2024.10.29 වන දින අංක HC/NE/Writ/06/2024 දරණ නඩුව නුවරඑළිය පළාත්බද මහාධිකරණයේ ගොනු කරනු ලැබුවා.

එම නඩුවට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය හා වග උත්තරකාර පාර්ශ්වයන් විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ ම කරුණු සලකා බැලීමෙන් පසුව නුවරඑළිය පළාත්බද මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් උක්ත නඩුව සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් මෙලෙස ලබා දුන්නා.

ඒ අනුව මෙකී පෙත්සමේ සඳහන් ප්‍රශ්නගත ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කිරීම , වෙළඳ කුටිවල යතුරු භාර දීම, කිසිදු බාහිර පාර්ශ්වයකට බිම් මහලේ පිහිටි ගොඩනැගිලිවල භුක්තිය බැහැර කිරීම වාරණය කරමින් වග උත්තරකරුවන්ට එරෙහි අතුරු නියෝගයක් ඉදිරි දින දක්වා නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

එලෙස අතුරු තහනම් නියෝගයක් ලබා දුන් ගොඩනැගිල්ලේ රන් ආභරණ ඇඳුම් පැළඳුම් ඇතුලු කඩ සාප්පු හා ෆාමසි 30ක්, එළවලු, මස් මාළු වෙළඳසැල් 40ක්, සුපිරි වෙළඳසැලක් ,සුවපහසු රැස්වීම් ශාලාවක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, නව කඩ කාමර වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක් හා රජයේ ආයතනවලට සම්බන්ධ කාර්යාල රැසක් ද ඇතුළත්.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිමල්කා ප්‍රබෝධනී ද සිල්වා මෙනෙවියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ උචිත එස් බණ්ඩාර නීතිඥ තිසුල විජේසේකර යන මහත්වරුන් පෙනී සිට ඇති අතර වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේෂ් ගයාන් මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියා.

IMG 20241108 090534 scaled
IMG 20241108 WA0057
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
8
+1
3
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?