මාකදුරේ මධුෂ්ගේ විමර්ශන කටයුතු ගැන අධිකරණයෙන් නියෝගයක්

ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියයාම සැක සහිත බැවින් එහි විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසියෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතාගෙන් ඊයේ (06) ඉල්ලීමක් සිදු කළා.

සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් එම ඉල්ලීම සිදු කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මාකඳුරේ මධූෂ්ගේ මියයාම සැක සහිත නමුත් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටීමට ඔහුගේ බිරිඳ පසුගිය කාලය තුළ උත්සාහ නොගෙන ඇත්තේ ජීවිත තර්ජන පිළිබඳව බියකින් පසුවීම නිසා නමුත් වත්මන් රජය යටතේ ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බවට ඇය ඉල්ලා සිටින බව ද නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පොලිස් භාරයේ සිටි මාකඳුරේ මධූෂ් සඟවා ඇති බව කියන අවි ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා රැගෙන යන මුවාවෙන් ඔහුව කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසලට රැගෙන ගොස් ඇති බවත් ඒ අවස්ථාවේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් මදුෂ් නමැත්තා මියගිය බවට පොලිසිය ප්‍රකාශ කර ඇති බව ද නීතිඥවරු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මාකදුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලකයන් රැසකගේ තොරතුරු හෙළි කිරීමට සූදානම්ව සිටි අවස්ථාවක ඔහු එසේ මිය යාම සැක සහිත බව ද ඒ පිළිබඳව විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී කරන ලද කතාවක් හැන්සාඩ්ගතව තිබෙන බව ද අධිකරණයට මෙහිදී දැනුම්දුන්නා.

මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මිය යාම සැක සහිත වුව ද ඒ පිළිබඳ ව විමර්ශන සිදු කරන මාලිගාවත්ත පොලිසිය මගින් කිසිදු සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති බැවින් අදාළ නඩුව අධිකරණයේ මහා තබා තිබෙන බව ද නීතිඥවරු සඳහන් කළා.

තම සැමියාගේ මියයාම පිළිබඳව විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසියෙන් නිසි ලෙස සිදු නොවන බැවින් එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසත් සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙස ද නීතිඥවරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

යම් පොලිසියකින් විමර්ශන සිදු කරන නඩු කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේදී අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සීමාවන් පනවා ඇති බැවින් මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තමන්ට යම් බාධාවන් තිබෙන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වෙත දන්වා සිටි බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමත් සඳහා නීතිපතිවරයා අධිකරණයට කැඳවීමට අවශ්‍යතාවක් නොමැති බව ද එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරවා ගැනීමට අවශ්‍යතාවක් තිබේ නම්; ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීමට අගතියට පත් පාර්ශ්වයට හැකියාවක් තිබෙන බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් ඒ පිළිබඳව මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කරන ලෙස ද අගතියට පත් පාර්ශ්වය වෙත දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් දෙසැම්බර් මස 12 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33