ඡන්දෙට අපේක්ෂකයින් 8888ක් තරග කළත් සක්‍රීය මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ 1000කටත් අඩු ගණනක් – පැෆ්රල් සංවිධානය

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අපේක්ෂකයින් 8888 දෙනෙකු තරග කිරීමට ඉදිරිපත් වුණ ද, මේ වනවිට සක්‍රීය ව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ 1000කටත් අඩු සංඛ්‍යාවක් බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කොළඹ දී අද (07) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ප්‍රමාණය අනුව ඡන්ද කාර්යාල ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයක් දැමිය හැකි වුණ ද, මේ වන විට කාර්යාල පවත්වාගෙන යන්නේ 9291 දෙනෙකු පමණක් බවයි.

රාජ්‍ය බලය හා දේපළ අවභාවිත කිරීම නොසලකා හැරිය යුතු මට්ටමක පවතින අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 25ක් වාර්තා ව තිබුණ ද ඒවා ද එතරම් බරපතළ ගණයේ ඒවා නොවන බවයි විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ.

එමෙන්ම මේ වනවිට ජනතාව දේශපාලන පක්ෂවලට සහාය පළ කරමින් වරප්‍රසාද ලබාගත නොහැකි බව තේරුම් ගනිමින් සිටින ආකාරය ද දක්නට ලැබීම සතුටට කරුණක් බවයි පැෆ් රල් සංවිධානය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22