එංගලන්තයට කොදෙව්වන් හමුවේ තරගාවලි පරාජයක්

සංචාරක එංගලන්තය පරාජයට පත් කරමින් එක්දින තරගාවලි ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ (06) සමත් වුණා.

දෙරට අතර පැවති තරග 03කින් සමන්විත අවසන් සහ තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් කොදෙව්වන් තමන් සතු කරගත්තේ තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින්.

තරගය බ්‍රිජ්ටවුන් හි දී පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේ එංගලන්ත කණ්ඩායමටයි.

එංගලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 263ක් ලබා ගත්තා.

පිල් සෝල්ට් ලකුණු 74ක් සහ ඩෑන් මවුස්ලි ලකුණු 57ක් ලබා ගැනීම එංගලන්තයේ ලකුණු පුවරුව ඔසවා තැබීමට උපයෝගී වුණා.

සෑම් කරන් ලකුණු 40යි.

මැතිව් ෆෝඩ් කඩුලු 03ක් ද, අල්සාරි ජෝසප් සහ ශෙපර්ඩ් කඩුලු 02ක බැගින් ද බිඳ දැමුවා.

එක් කඩුල්ලක් හිමිවුයේ රොස්ටන් චේස්ටයි.

ජයග්‍රහණයට ලකුණු 264ක ඉලක්කයක් හඹා යෑම ආරම්භ කළ කොදෙව්වන්ගේ ආරම්භක පෙළ පිතිකරුවන් දෙපළ එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිව පහර දුන්නා.

කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කින්ග් විශිෂ්ට ශතකයක් ලබා දැවී ගියේ ලකුණු 102කටයි.

කීසි කාටි නොදැවී ලකුණු 128ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී රීස් ටොප්ලි සහ ජැමී ඕවර්ටන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සමස්ත ශූරතාව කොදෙව්වන්ට හිමි වූ අතර තරගයේ වීරයා බ්‍රැන්ඩන් කින්ග්.

තරගාවලියේ වීරයා සම්මානය තරගාවලිය පුරාම කඩුලු 08ක් බිඳ දැමූ මැතිව් ෆෝඩ්ට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46