ඇල්ල බලා ධාවනය කළ තුන්සක රිය ගැටී චීන ජාතිකයෙකු රෝහලට

වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ වැලිමඩ පොලිස් ස්ථානය අසල දී සිදු වූ රිය අනතුරකින් විදෙස් ජාතිකයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (07) උදෑසන 07ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ විදේශිකයා පදවාගෙන ආ ත්‍රිරෝද රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන් ගත් ලොරියක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රිරෝදා රථයට ද දැඩි අලාභ හානි සිදු ව ඇති අතර එහි ඉදිරිපස කොටස සම්පූර්ණයෙන් ම කුඩු වී තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ චීන ජාතිකයෙකු වන අතර ඔහු නුවරඑළියේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.

මේ වනවිට ඔහු වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55