සූකර උණෙන් මියගිය ඌරන් කිඹුලාපිටියේ ඇළකට ගෙනැවිත් දාලා

අප්‍රිකානු සූකර උණ වැළඳීමෙන් මරණයට පත් වූ සත්ත්ව ගොවිපොළක ඌරන්ගේ සිරුරු විශාල වශයෙන් විවිධ ප්‍රදේශවල ඇළ මාර්ගවලට ගෙනැවිත් දමා ඇති සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබෙනවා.

මෙලෙස සත්ත්ව ගොවිපොළවල්වල දී රෝගාතුරව මියගිය ඌරන්ගේ සිරුර යම්කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ජා ඇළ – දඬුගම ඇළ මාර්ගයට ද අද (06) දින කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායක් සමග පිහිටි ඇළ මාර්ගයකට ද ගෙනැවිත් දමා ඇති බව දක්නට ලැබුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කිඹුලාපිටිය ප්‍රදේශයේ කට්ටියල මාර්ගය අසල වෙල්යායක ඇළ මාර්ගයකට මීට දින කිහිපයකට පෙර මියගිය විශාල ප්‍රමාණයේ ඌරන්ගේ සිරුරු ගෙනවිත් දමා ඇති බවත්; අවට සිටින සුනඛයින්, පක්ෂීන් විසින් එම සිරුරුවල කොටස් ආහාරයට ගෙන තැන තැන දමා ඇති බවත් නිරීක්ෂණය වන බව දසත වාර්තාකරු සඳහන් කළා.

මෙය අතිශය අවදානම් ක්‍රියාවක් වන්නේ; ඌරන්ට වැළඳුණු අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කිසිදු ආහාරපාන නිෂ්පාදනාගාරයක හෝ ඌරු මාංශ විකිණීම, ආහාරය පිණිස තැබීම පසුගියදා තහනම් වුණු අතර පැතිර යන සත්ත්ව වෛරසය නිසා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් 2024.10.25 වන දින ගැසට් නිවේදනයක් මගින් මාස තුනක කාලයක් සඳහා ඌරන් මස් පිණිස විකිණීම ආදි කටයුතු තහනම් කෙරුණා.

සූකර උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා මියයන ඌරන්, ආසාධිත සතුන් ඝාතනය කිරීම, මස් ප්‍රවාහනය ඇතුළු ක්‍රියාමාර්ග රැසක් තහනම් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ.

එවන් පසුබිමක වෛරසය ආසාදනයෙන් මියගිය මෙම ඌරන් මෙලෙස අනාරක්ෂිත ලෙස දැඩි සෞඛ්‍ය තර්ජනයක් පරිසරයට මුදාහරිමින් සිදු කළ ක්‍රියාවට වගකිව යුත්තන් සොයා වහාම විමර්ශන ආරම්භ කරමින් දැඩි දඬුවම් පැමිණවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම වගකීම්සහගත සෞඛ්‍ය බලධාරින්ගේ මෙන් ම පොලිසියේ කාර්‍යයභාරය ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15