ඩෙංගු රෝගීන් යැයි සැක කළ හැඉ රෝගීන් 42,730ක් හමුවෙලා – ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් ප්‍රකාශයක්

මේ වනවිට (06) සමස්ත දිවයිනෙන් ම ඩෙංගු රෝගීන් යැයි සැක සහිත රෝගීන් 42,730 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පවත්මින් වෛද්‍ය කොඩිතුවක්කු මහතා පැවසුවේ; මෙම සැක සහිත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

එය ප්‍රතිශතාත්මකව 18%ක අගයක්.

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලට අමතරව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය, සබරගමුව පළාතේ රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කවලත් යම් ඩෙංගු ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

එමෙන්ම මේ වනවිට මුළු දිවයිනේ ම ඩෙංගු අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල ද හඳුනාගෙන ඇති බවත් ඊසාන දිග මෝසම් සුළඟ සමග වර්ෂාව පතිත වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමේ වර්ධනයක් පවතින බව ද වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවා.

මෙම අවදානම් කලාපවල ඩෙංගු මර්දනය කිරීමේ කටයුතු සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර කීට විද්‍යා සමීක්ෂණ මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගනිමින් ඒවා විනාශ කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23