අමෙරිකානු පුරවැසියාගේ අවශ්‍යතාව ගැන ඔබාගෙන් ප්‍රකාශයක් – ට්‍රම්ප් හා හැරිස් දෙදෙනා ම හොඳ නායකයින්

තම රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් යහපත්, ත්‍යාගශීලී, අවංක සහ සාධාරණ බවට තමන් විශ්වාස කරන බව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බරාක් ඔබාමා පවසනවා.

ඊයේ පස්වරුවේ (04) පැවති නිදහස් මනාපය නමැති වේදිකාවට ගොඩවෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අද දින අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර එහි ප්‍රධාන අපේක්ෂකයින් වන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික කමලා හැරිස් සහ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් යි.

මේ සම්බන්ධයෙන් පොදු මතයක් සමාජගත කරමින් හිටපු ජනාධිපති ඔබාමා කියා සිටින්නේ; රටේ ජනතාව ඩිමොක්‍රටික්, රිපබ්ලිකානු හෝ ස්වාධීන හෝ කවර මතය දැරුව ද, ඔවුන්ට අවශ්‍ය වන්නේ වටිනාකම් පිළිඹිබු කළ හැකි නායකත්වයක් බවයි.

ට්‍රම්ප් සහ හැරිස් යනු අමෙරිකානුවන්ගේ හෙට දවස යහපත් කිරීමට සිටින වැඩ කළ හැකි නායකයින් දෙදෙනකු බව ද බරාක් ඔබාමා පවසනවා.

ඊයේ දිනයෙන් ට්‍රම්ප් සහ හැරිස් සිය අවසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු පැවැත්වූ අතර ට්‍රම්ප් මිචිගන්හි ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි ජනයා ඇමතූ අතර හැරිස් පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා හි සිය දේශපාලනික වේදිකාවට ගොඩ වුණා.

මීට පෙර උතුරු කැරොලිනාවේ පැවති රැලියක දී ට්‍රම්ප් ප්‍රකාශ කළේ සංක්‍රමණිකයන් දේශසීමා තරණය කිරීම “නතර නොකරන්නේ නම්” සියලුම මෙක්සිකානු ආනයන සඳහා 25% තීරුබදු පැනවීමට තමන් අදහස් කරන බවයි.

හැරිස් පෙන්සිල්වේනියාවේ ජනකායකට පැවසුවේ ” අමෙරිකාව නව ආරම්භයක් සඳහා සූදානම්” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18