කරාපිටියේ වැඩ වර්ජනය නවතියි – විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (05) පෙරවරුවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම රෝහලේ පිළිකා අංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙම වර්ජනය සිදු කිරීමට රෝහල් කාර්‍යය මණ්ඩලය තීරණය කර තිබූ බවයි.

මීට පෙර අවස්ථාවක ද මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව විවිධ විවේචන සහ විරෝධතා රෝහල් සංකීර්ණය තුළ ක්‍රියාත්මක වුණා.

නිසි තීරණයක් රෝහල් පරිපාලනයෙන් නොලැබුණහොත්; අද සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව පැවැත්වීමට සූදානම් කර තිබූ වැඩ වර්ජනය නවතා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔහුට ස්ථාන මාරුවක් ලබා දීම නිසාවෙන්.

එබැවින් විරෝධතාව ඇරඹීමට පෙර කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සිය සේවකයින්ට දන්වා ඇත්තේ අදාළ විශේෂඥ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරු කර යැවීමට අදාළ අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18