කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ප්‍රධාන නළ මාර්ගයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
කෑගල්ල නගරයට ජලය ගෙනයන ප්‍රධාන නළයකට ගලක් පෙරළී ගොස් සිදුවූ හානිය හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබෙනවා.
මේ අතර මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (05) පස්වරු 6.00 සිට හෙට (06) පෙරවරු 6.00 දක්වා පැය 12ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ඊයේ දැනුම් දුන්නා.
ඒ අනුව ජාඇල, කටුනායක, සීදූව නගර සභා බලප්‍රදේශය, කටාන සහ මිනුවන්ගොඩ ප්රාදේශය සභා බලප්‍රදේශ සහ ජාඇල සහ ගම්පහ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇති.