ඉන්දීය ගුවන් හමුදාවේ මිග් 29ක් කඩා වැටෙයි – නියමුවා නිරුපද්‍රිතව බේරා ගනියි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-29 ප්‍රහාරක ජෙට් යානාවක් කඩා වැටී තිබෙනවා.

අද (04) මෙම ගුවන් යානාව කඩා වැටී ඇත්තේ උත්තර් ප්‍රදේශ් හි අග්‍රා අසල දීයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි යානාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩා වැටී තිබෙනවා.

මෙම ගුවන් යානාව අග්‍රාහි සොංගා ගම්මානයේ එළිමහන් තණබිමකට කඩා වැටී ඇති අතර එය ගිනිගෙන පුපුරා ගොස් ඇති බවත් පැවසෙනවා.

නමුත් එය කඩා වැටෙන අවස්ථාවේදී ම යානාවෙන් ගුවන් නියමුවා පිටතට විසිවී ඇති බවයි පැවසෙන්නේ.

එහෙයින් ඔහු දිවි ගලවා ගැනීමට සමත් ව තිබෙනවා.

ඉන්දීය ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ගුවන් පරීක්ෂණයක් සඳහා මෙම යානාව පියාසර කරමින් තිබූ බවත්, නියමුවා විසින් යානාව කඩා වැටෙනා බව දැනගත් වහාම ක්‍රියාත්මක වී එය මිනිසුන් සහ දේපොළවලට හානි ගෙන නොදෙන බිමක් කරා මහත් පරිශ්‍රමයක් දරා පියාසර කරවා ඇති බවයි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ඉන්දීය ගුවන් හමුදාව සිදු කරන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38