බයිසිකලේ කුඩු වෙන්න වැදුණු වනඅලි ප්‍රහාරය

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග සංවර්ධන ආයතනයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (04) උදෑසන එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි සේනපුර රෝහල් ආරංචි මාර්ග පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග සංවර්ධන ආයතනයේ ආරක්ෂක නිලධාරීන් ලෙස සේවයේ නිරතව සිටින ඔවුන් ඊයේ (03) සවස සිට අද උදෑසන තෙක් සිය සේවා මුරය අවසන් කර; නිවෙස් වෙත පැමිණීමේ දී මෙම ප්‍රහාරයට ලක් ව ඇති බවයි.

යතුරුපැදියෙන් යමින් සිටි එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එගොඩකැලේ දීයි මෙම ප්‍රහාරයට ලක් ව ඇත්තේ.

තුවාල ලැබූ නිලධාරීන්ව කඩිනමින් ප්‍රදේශවාසීන් එක් ව රෝහල්ගත කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පසුව වන අලියා විසින් නිලධාරීන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදියට ද දැඩි අලාභ හානි කරඇති අයුරුයි දක්නට ලැබුණේ.

වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකු මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යැවීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?