මහ මැතිවරණයේ ඡන්දය දාන්නේ මෙහෙමයි – මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

එළඹෙන මහමැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එම කොමිසම පවසන්නේ මොණරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකට මුද්‍රණය කර ඇති බවයි.

අනෙකුත් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

සෑම ඡන්දදායකුට ම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ ලබා දිය හැකි බවයි දැනුම් දෙන්නේ.

තම ඡන්දය දෙන පිළිගත් දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකයේ සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ X ලකුණ යෙදිය යුතුවනවා.

ඉන් අනතුරුව නාමයෝජනා කරන ලද අපේක්ෂකයන් තුන් දෙනෙකුට නොවැඩි පිරිසකට සිය මනාපය පළ කිරීම සඳහා ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක් එක් අපේක්ෂකයාට වෙන් කර දී ඇති අනුක්‍රමික අංකයට අනුරූප අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත X ලකුණක් යෙදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03