එංගලන්තය පරදා කොදෙව්වන්ට පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම පරදවා පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඊයේ (31) ආරම්භ වූ අතර ඇදහැලුණු අයහපත් වර්ෂාව හේතුවෙන් තරගයේ තීරණය ඩක්වත් ලුවිස් න්‍යායයට අනුවයි තීරණය කෙරුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ඇරයුම් කළා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම සියලු ම දෙනා දැවී රැස් කළේ ලකුණු 209ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් නායක ලියෑම් ලිවින්ග්ස්ටෝන් ලකුණු 48ක් සහ සෑම් කරන් ලකුණු 37ක් ලබා ගත්තා.

කඩුලු බිඳ හෙලීමේ දී ගුඩකෙෂ් මොටී ලකුණු 41කට කඩුලු 04ක් සහ කඩුලු 02ක බැගින් ජේඩ්න් සීල්ස්, අල්සාරි ජෝසප් සහ මැතිව් ෆෝඩ් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය හඹා යෑම ආරම්භ කිරීමට කොදෙව්වන් උත්සාහ කළ ද ඇදහැලුණු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාර 35කට තරගය සීමා වුණා.

ඒ අනුව කොදෙව්වන්ට ලකුණු 157ක ඉලක්කයක් හිමිකර දෙමින්.

කොදෙව්වන් පන්දුවාර 25කුත් පන්දු 05ක් අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 157ක් ලබාගෙන තරගය ජය ගත්තා.

එවින් ලුවිස් ලකුණු 94යි.

කඩුලු බිඳ දැමීමේ දී ලිවින්ග්ස්ටෝන් සහ අදිල් රෂීඩ් විසින් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය ගුඩකෙෂ් මොටී දිනාගත්තා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට (02) පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55