Update:- ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබෙනවා.

මීට ටික වේලාවකට (31) පෙර හිටපු අමාත්‍යවරයා ව මිරිහාන පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබෙනවා.

මීට ටික වේලාවකට (31) පෙර හිටපු අමාත්‍යවරයා ව මිරිහාන පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ලියාපදිංචි නොකළ බවට සැලකෙන සුඛෝපභෝගී වෑන් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව අද (31) පස්වරුවේ මිරිහාන පොලිස් ස්ථානයට රැගෙන ආවා.

පොලිසිය පැවසුවේ සැකකාර රත්වත්තේ මහතාව අද පෙරවරුවේ ඔහුගේ ගම් පළාත වන මහනුවර – කටුගස්තොට දී අත්අඩංගුවට ගත් බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන – ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක නවතා තිබියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වර්ගයේ නවීන සුදු පැහැති මෝටර් රථයක් මෙලෙස පොලිස් භාරයට ගැනුණා.

එම මෝටර් රථය පොලිසිය විසින් පසුගිය 26 වැනි දින සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

පසුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී තිබුණේ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය සිය නිවසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09