පොපි මල් දින සැමරුම වෙනුවෙන් පළමු පොපි මල අගමැතිනියට

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පළමු පොපි මල පැළඳවීම සිදු කෙරුණා.

ඒ සේවා මුක්ත භට සංගමයේ උප ලේකම් මන්ත්‍රී කොස්වත්ත මහත්මිය විසින් අද (30) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත හමුදා නිලධාරීන්ගේ සුබසාධනය සඳහා වෙන් කෙරෙනවා.

පළමු වන හා දෙවන ලෝක යුද්ධයේ දී මෙන් ම ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වල දී මියගිය හමුදා සාමාජිකයින් අනුස්මරණය කරමින් පොපි සැමරුම සිදු කරන අතර, ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වනවා.

විශ්‍රාමික හා ආබාධිත හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පොපි මලක් පළඳින ලෙස මෙහිදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය, උප සභාපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ, භාණ්ඩාගාරික මේජර් චිල්ටන් ද සිල්වා, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සමාජික මේජර් සංජිත් විජේරත්න, පොපි කමිටු සාමාජික අමිතා රෝහණ මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41

?