එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට ෂිම්රොන් හෙට්මයර් කැඳවයි

එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන එක්දින තරගාවලිය සඳහා මුල් පෙළ පිතිකරුවකු වන ෂිම්‍රොන් හෙට්මයර්ව (Shimron Hetmyer) කැඳවා තිබෙනවා.

මෙම තරගාවලිය හෙට (31) ආරම්භ වන්නේ එක්දින තරග තුනකින් සමන්විතව ඇන්ටිගුවාහි දීයි.

නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පළමු එක්දින තරගය පැවැත්වෙන අතර ඒ සඳහායි හෙට්මයර්ව නැවත කැඳවා ඇත්තේ.

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි ද්විත්වයෙන් ම පරාජය ලැබූ කොදෙව්වන් මේ වනවිට සිය මව්බිමට පැමිණ ඇති අතර ඇලික් අතනාසේ වෙනුවටයි හෙට්මයර්ව සංචිතයට එක් කර තිබෙන්නේ.

හෙට්මයර් අවසන් වරට එක්දින ක්‍රීඩා කළේ 2023 දෙසැම්බර් මාසයේදීයි.

ඒ එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබූ තරගාවලියේදීයි.

මෑතකදී CPL තරගාවලියේ ද ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වන ස්ථානයට හිමිකම් කියන හෙට්මයර් හට පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා සංචාරය අහිමි වුණා.

ෂායි හෝප් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා තරගාවලිය අවසානයේ සිය මංගල තරගයට ක්‍රීඩා කළ 17 හැවිරිදි පිතිකරු ජුවෙල් ඇන්ඩෘ ද සංචිතයට එංගලන්තයට එරෙහිව නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?