දේශබන්දුව පොලිස්පති කළ රනිල් උසාවිය ඉදිරියේ වගඋත්තරකරුවෙකු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසර ලබා දුන්නා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය ඉවත් වී ඇති නිසා ඔහු නමින් ම වගඋත්තරකරුවකු කිරීමට අවසර දෙන ලෙස අද මෝසමක් මගින් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රනිල් වික්‍රමසිංහ මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදීමට නියෝග කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සගමය මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මීට පෙර මෙම පෙත්සම තවත් පෙත්සම් හතක් සමග කැඳවූ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම තාවකාලිකව නතර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් වුණා.

එසේම ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිත්, කතානායකත්, දේශබන්දු තෙන්නකෝන් මහතාත් මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්දැයි සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව මේ වන විට මෙම තීරණය ගත් ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය අවසන් බවත්, ඒ අනුව වික්‍රමසිංහ මහතා නමින් වගඋත්තරකරුවකු කිරීමට හැකියාව ඇති බවත් අද කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කෙරුණා.

හියුමන්ට් රයිට්ස් ලෝ චේම්බර්ස් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මාර්ගයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති අතර නීතිඥ මනුජය ද සිල්වා මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද පෙනී සිට පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26