ආරුගම්බේ කැලඹීමට තැත් කළ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට – කැලඹීම ඇති කිරීමට හැදුවේ දේශීය අයෙක් – විජිත හේරත් (වීඩියෝ)

ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් එල්ල වීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට මේ වනවිට පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (24) දහවල් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා කියා සිටියේ සෘජු ලෙස ම ප්‍රහාරයක් පිළිබඳ ව තොරතුරු නොලැබුණු බවත්; නමුත් ඊශ්‍රායල ජාතිකයින් ඒකරාශී වන ස්ථාන ඉලක්ක කරගනිමින් යම්කිසි කැලඹීමක් ඇති විය හැකි බවට තොරතුරු ලැබී තිබූ බවයි.

එමෙන්ම අදාළ කැලඹීම විදේශිකයෙකු නොව දේශීය තැනැත්තෙකු ලවා සිදු කිරීමට සූදානමින් සිටින බවට දන්වමින් මෙම තොරතුරු ලැබුණු බව ද හෙතෙම පැවසුවා.

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය මීට හේතුවක් බවත්; මෙම බුද්ධි තොරතුර සමග තම රජය වහාම ක්‍රියාත්මක වී අවස්ථා කිහිපයක දී ම ආරක්ෂක කවුන්සිලය රැස් වී මීට ගත යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඊට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.

තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර, වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍යය බලකාය ඇතුළු සෑම අංශයක් ම යෙදවූ බවයි හෙතෙම සඳහන් කළේ.

එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල සිට ම යෙදවීමට කටයුතු කළ බවත්; ආරක්ෂක මණ්ඩලය තුළ අදාළ සාකච්ඡාව වැඩි වශයෙන් කතාබහ කෙරුණු බවත් ඉන් අනතුරුව පොලිසිය සේම බුද්ධි අංශ ද මෙම පරීක්ෂණ ආරම්භ කළ බව ද විජිත හේරත් මහතා කියා සිටියා.

ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් යන බවත්; ඉදිරියේ දී තවත් කරුණු අනාවරණය වීමට ඉඩ තිබෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32