AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු මඩින්න අද, හෙට සහ අනිද්දා යන දින තුනේ විශේෂ මෙහෙයුමක්

මෙම වසරේ මුල් භාගය තුළ දී ඩෙංගු රෝගීන් 41,000ක ප්‍රමාණයක් වාර්තා වුව ද; එය වසරේ මැද භාගය තුළ දී යම් කිසි ප්‍රමාණයකින් අඩුවීමක් නිරීක්ෂණය වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ; මෙම වසරට මේ වනවිට (24) ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවයි.

2023 වර්ෂයේ දී වසරේ අන්තිම කාර්තුව වන විට ඩෙංගු රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් බරපතළ ලෙසින් වර්ධනයක් තිබුණ ද; ඊසාන දිග වර්ෂාව සමග ඒ තත්ත්වය ඉදිරියේ දී යම්තාක් ලෙසින් වැඩිවීමේ අවදානමක් ද පවතින බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

බස්නාහිර පළාතේ වැඩි ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් වාර්තා ව ඇති බැවින් අද, හෙට (25) සහ අනිද්දා (26) යන දිනවල ඩෙංගු මර්දන ක්‍රියාවලියක් සිදු කිරීමට ද නියමිතයි.

පොලීසිය හා ත්‍රිවිධ හමුදාවත් ස්වේච්ඡා සංවිධානත් එක්ව මෙම මදුරු මර්දන ක්‍රියාවලිය සිදු කරනවා.

මදුරුවන් බෝ වන ආකාරයේ ස්ථාන පවත්වාගෙන යන අයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?