T20 පිටියේ ලද ඉහළතම ලකුණු සංඛ්‍යාව සිම්බාබ්වේ නමින් ලියැවෙයි – රාසාගෙන් විශිෂ්ට ශතකයකුත්

ජාත්‍යන්තර T20 පිටියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව තම රට ඉදිරියෙන් ලියා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (23) සමත් වුණා.

මෙම තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ ගැමීබියාව අතර පැවැත්වුණු අතර එහිදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 344ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේ පන්දු 120ක මුහුණදෙමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා පන්දු 33ක දී දැවැන්ත ශතකයක් වාර්තා කළේ නොදැවී වීම ද විශේෂත්වයක්.

රාසා පන්දු 43ක දී හයේ පහර 15ක් සහ හතරේ පහර 07ක් එල්ල කරමින් ලකුණු 133ක් රැස් කළා.

එමෙන්ම රාසා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පළමු සහ වැඩිම T20 ලකුණුලාභියා සහ ශතක ලාභියා බවට ද අද දිනයේ දී පත් වුණා.

ලෝක කුසලාන අප්‍රිකානු උප කලාපීය T20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයකදියි සිම්බාබ්වේ කණ්ඩායම මෙම දක්ෂතාව දැක්වූයේ.

T Marumani ලකුණු 62ක් ද, නොදැවෙමින් Clive Madande ලකුණු 53ක් ද, Brian Bennett ලකුණු 50ක් ද සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට එක් වුණා.

කෙසේවෙතත් මෙම තරගයේ ජය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 290කින් හිමිකරගත් අතර තරගයේ වීරයා සම්මානය සිම්බාබ්වේ නායක රාසා විසින් දිනාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14