ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ගෙන් ලකුණු 190ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හිමි වුණා.

අද (23) පස්වරු 2.30ට පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතව තිබූ දෙරට අතර තරගය ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමේ දී පැය දෙකක් පමණ (පස්වරු 4.30) ප්‍රමාද කෙරුණු අතර ඩක්වත් ලුවිස් න්‍යායය අනුව තරගය පන්දුවාර 44කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට කොදෙව් දේශයට ආරාධනා කළා.

කොදෙව් බලාපොරොත්තු සුන් කරමින් පීඩනකාරී පන්දු යැවීමක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පන්දු බලඇණිය අඩු ලකුණු පරතර පවතිද්දී කොදෙව් පිතිකරුවන් යළි ප්‍රේක්ෂකාගාරයේ අසුන් මත වාඩිකරවීමටයි කටයුතු කළේ.

කොදෙව් කණ්ඩායමේ ලකුණු 31ක් තුළ මුල් පෙළ කඩුලු 04ක් බිඳ වැටීම ද විශේෂත්වයක්.

ශර්ෆේන් රදර්ෆඩ් සහ ගුඩකේෂ් මොටී පමණක් තරගයේ ලකුණු පුවරුව ඔසවා ගැනීමට මහත් ආයාසයක් දැරූ අතර එය බිඳ වැටුණු ලකුණු පුවරුව යම්තාක් දුරකට ඔසවා තැබීමට අනගි ශක්තියක් ගෙන දුන්නා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ‍රදර්ෆර්ඩ් විශිෂ්ට අර්ධ ශතකයක් ලබාගත්තේ එය සිය එක්දින තරග පිටියේ තෙවැනි අර්ධ ශතකය බවට පත් කරගනිමින්.

අසිත ප්‍රනාන්දු යොමු කළ ‘ෆුල්ටොස්’ පන්දුවකට හයේ පහරක් එල්ල කිරීමට දැරූ උත්සහාය ව්‍යාර්ථ වෙමින්; ශ්‍රී ලංකාවට කරදරකාරී ඉනිමක් ක්‍රීඩා කළ රදර්ෆර්ඩ්ගේ දැවැන්ත පහර වෙල්ලාලගේගේ විශිෂ්ට පන්දු රැකීමට නතු කරමින් කොදෙව් පිතිකරුවා ව 09 වැනි කඩුල්ල වෙනුවෙන් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

රදර්ෆර්ඩ් වෙත අනෙක් අන්තයේ රැඳී සිටිමින් ගුඩකේෂ් මොටී ප්‍රවේසම්කාරී සහායක් ගෙන දෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කරගැනීමට සමත් වුණා.

මොටී නොදැවී ලකුණු 50ක් රැස් කළේ තම කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ව පහසුවෙන් පීඩනයකට ලක් කර දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර එල්ල කරමින් වන අතර ඔහු පන්දු 61කදී සිය අර්ධ ශතකය ලබා ගත්තේ හතරේ පහර 06ක් ද එල්ල කරමින්.

Sherfane Rutherford සහ Gudakesh Motie අතර 09 වැනි කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් ගොඩනැගුණු අතර, කොදෙව්වන් ලකුණු 58කට කඩුලු 08ක් බිඳ වැටී අසීරු අඩියක සිටියදියි මොවුන් දෙදෙනා මෙම ශක්තිමත් ඉනිම දියත් කළේ.

බ්‍රැන්ඩන් කින්ග් (16) හැර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

ඒ අනුව කොදෙව් පිතිකරුවන් අසරණ කිරීමේ පන්දු විලාසයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බලඇණිය වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 04ක් ද, අසිත ප්‍රනාන්දු,
හා මහීෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 190ක ඉලක්කයක් හිමිකර දෙමින්.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර එක්දින තරග 66ක් පවත්වා ඇති අතර ඉන් තරග 32ක් ම ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලි 14ක් ජයගෙන තිබෙනවා.

එබැවින් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන්නේ වේලාසනින් ම තවත් තරගයක් ඉතිරිව තිබියදී එක්දින තරගාවලි ජයක් කොදෙව්වන්ට එරෙහිව ලබා ගැනීම සඳහා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46