AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 30 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන 30 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (23) පස්වරුවේ හිටපු අමාත්‍යවරයාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදියි මහේස්ත්‍රාත් විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සුඛෝපභෝගී වාහනයක් තරු පන්තියේ හෝටල් පරිශ්‍රයක නවතා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා.

සමුපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා
අද පෙරවරුවේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු BMW වාහනේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට වරෙන්තු නිකුත් කළ අතර මෙම නඩුව ලබන ජනවාරි මස 27 වන දින නැවත කැඳවීමට ද නියම කළා.

එම නඩුවන්ට අදාළවයි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?