කැලණිය සරසවියේ සිසුවෙකු මියයයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකින් ඇද වැටී සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (23) අලුයම මෙම සිදුවීම සිදු ව ඇත්තේ විශ්වවිද්‍යාලයේ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශාලාවේ දියි.

අදාළ සිසුවා තට්ටු 04කින් පහළට ඇද වැටී ඇති බවත්; පසුව ඔහුව කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි සිව්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිසුවා සහ තවත් සිසුන් පිරිසක් උපන්දින සාදයක් පවත්වා ඇති බවත්; එහිදී මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවයි පැවසෙන්නේ.

ඉන් අනතුරුව ඔවුන් සාදය නිමා කර සිය නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවත්; මත්වීමෙන් පසුව මියගිය සිසුවා සිය කාමරයේ ජනේලය සවිකර ඇති බැම්ම මතට නැග සිටියදී මෙම මරණය සිදු ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න මේ වනවිට සෙවීමට පරීක්ෂණ පැවැත්වෙනවා.

මියගිය සිසුවා කැලණිය සරසවියේ වාණිජ හා කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි අයෙකු බවත්; විශ්වවිද්‍යාලය තුළ ද සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවටත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21