AFC Banner
Empty Ad
Empty Ad

දිවුරුම්පිටියේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 27ක් රෝහලට (වීඩියෝ)

කොළඹ – රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ල දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර අද දහවල් 02ට පමණ සිදු ව ඇති බවයි.

සූරියවැව බලා ධාවනය වූ බස් රථයක් අනාරක්ෂිත වංගුවක දී වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහය වැරදී රත්නපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

එම ගැටීමෙන් බස් රථ ද්විත්වයෙහිම රියදුරු, කොන්දොස්තර ඇතුළු 27 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තත්ත්වයේ පසු වුණු තිදෙනෙකු මෙම තුවාල ලැබූවන් අතර සිටින බව ද වාර්තා වනවා.

අනතුර හේතුවෙන් කොළඹ – රත්නපුර මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදු ව ඇති අතර වැඩිදුර පරීක්ෂණ අවිස්සාවේල්ල පොලිසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?