AFC Banner
Empty Ad
Empty Ad

හමාස් නායක යාහ්යා සින්වාර් බිරිඳ සහ දරුවන් සමඟ උමගක සැඟවෙන වීඩියෝවක් නිකුත් වෙයි (වීඩියෝ)

2023 වසරේ ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කිරීමට පෙර; හමාස් නායක යාහ්යා සින්වාර් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ උමඟක් තුළ සැඟවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රති ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා ඔහු මෙලෙස බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ උමං මාර්ගයක සැඟවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සෙනසුරාදා නිකුත් කළ දර්ශනවල දැක්වෙන්නේ හමාස් නායක යාහ්යා සින්වාර් විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ගාසා තීරයේ උමං මාර්ගයකට තම බඩු බාහිරාදිය ගෙන යන ආකාරය දැක්වෙනවා.

කෙසේ වෙතත් ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ දී හමාස් සංවිධානයේ නායකා ලෙස ඉස්මයිල් හනියේ කටයුතු කරනු ලැබුවා.

ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දී ඉස්මයිල් හනියේ මරණයට පත්වීමත් සමඟ හමාස් නව නායකයා ලෙස යාහ්යා සින්වාර් පත් වුණා.

පසුගිය බදාදා ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයක දී ගසා තීරයේ සැඟව සිටි හමාස් නායක යාහ්යා සින්වාර් මිය ගියා.

ඔහු මිය යෑමට පෙර දින 71ක කාලයක් හමාස් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?