හමාස් නායක යාහ්යා සින්වාර් බිරිඳ සහ දරුවන් සමඟ උමගක සැඟවෙන වීඩියෝවක් නිකුත් වෙයි (වීඩියෝ)

2023 වසරේ ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කිරීමට පෙර; හමාස් නායක යාහ්යා සින්වාර් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ උමඟක් තුළ සැඟවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රති ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා ඔහු මෙලෙස බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ උමං මාර්ගයක සැඟවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සෙනසුරාදා නිකුත් කළ දර්ශනවල දැක්වෙන්නේ හමාස් නායක යාහ්යා සින්වාර් විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ගාසා තීරයේ උමං මාර්ගයකට තම බඩු බාහිරාදිය ගෙන යන ආකාරය දැක්වෙනවා.

කෙසේ වෙතත් ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ දී හමාස් සංවිධානයේ නායකා ලෙස ඉස්මයිල් හනියේ කටයුතු කරනු ලැබුවා.

ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දී ඉස්මයිල් හනියේ මරණයට පත්වීමත් සමඟ හමාස් නව නායකයා ලෙස යාහ්යා සින්වාර් පත් වුණා.

පසුගිය බදාදා ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයක දී ගසා තීරයේ සැඟව සිටි හමාස් නායක යාහ්යා සින්වාර් මිය ගියා.

ඔහු මිය යෑමට පෙර දින 71ක කාලයක් හමාස් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15