හිටපු ජනපති මහින්දට ලබා දී ඇති නිල රථවලින් 03ක් සඳුදා යළි භාරදෙන්න සූදානමින්

පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව සැපයීමේ කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සංඛ්‍යාව 06ක් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ලිපියක් මගින් රජයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී තිබු ලිඛිත උපදෙස් මත එම නිල රථ හය අතුරින් ගිලන් රථයද ඇතුළු නිල රථ 03ක් ලබන සඳුදා (21) දිනයේ යළි භාරදීමට කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවයි එම ලිපිය මඟින් දන්වා ඇත්තේ.

ඒ, සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ද දැනුම්වත් කර ඇති බව ද එහි සඳහන්.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවා විසින් නිකුත් කර ඇති ආරක්ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ සිටින දේශපාලනික නායකයින් අතරින් ඉහළම තර්ජනයකට ලක්ව සිටින දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බවයි අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

එවැනි පසුබිමක, අදාළ නිල රථ ඔහුගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බව තවදුරටත් එහි දක්වා තිබෙනවා.

2 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45