AFC Banner
Empty Ad
Empty Ad

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් හදිසියේ රෝගී වී රෝහලේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන් අද (19) උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු මෙලෙස රෝගී වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අධික වමනය, බඩඑළියේ යාම වැනි රෝගී ලක්ෂණ මතුවීමත් සමඟ සේවක සේවිකාවන් 60කට ආසන්න පිරිසක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් මීගමුව මහ රෝහලට සහ සීදුව විජය කුමාරණතුංග රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ආහාර විෂවීමක් හේතුවෙන් මෙම සේවක සේවිකාවන් රෝගීවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?