මැතිවරණ වියදම් නියාමනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි – හරියට තොරතුරු නොදුන්නොත් දැඩි දඬුවම් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ වියදම් නියාමනය කිරීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අනුව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වැනි වගන්තිය යටතේ වූ නියමය ප්‍රකාරව 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන ප්‍රකාරව අදාළ ලිඛිත නීතියට අනුකූලව පිහිටුවා ඇති එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට පවත්වන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ ඒ පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කළ යුතු වියදම් සීමාවන්, තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

මේ අතර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනම ම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එසේ නොවුණහොත් පසුගිය ජනාධිපතිවරණයේ දී ආදායම් වියදම් වාර්තා ලබාදීමේ දී ඇතැම් අපේක්ෂකයින්ට සිදු වු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණදීමට සිදුවිය හැකි බවයි.

මේ අතර මැතිවරණයේ දී ආදායම් වියදම් වාර්තා නිසි පරිදි ලබා නොදෙන අපේක්ෂකයින්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් පිළිබඳව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද අදහස් පළ කළා.

ඔහු පැවසුවේ; යම් ආකාරයකින් අපේක්ෂකයෙකුට තමන්ගේ වියදම් වාර්තා ලබාදීමට නොහැකි වුවහොත්, නැතිනම් අසත්‍ය තොරතුරු ඇතුළත් කළොත් අධිකරණ ක්‍රියාවලියක් තුළින් දේශපාලන අයිතිය වසර 3කට අහිමි විය හැකි බවත් මැතිවරණ පෙත්සමක් තුළින් ධුරය අහිමි වීමට ද ඉඩක් පවතින බවයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමට අදාළව නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් කියවන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව පාර්ලිමේන්තුවට කැඳවනවා
13:35
Video thumbnail
ජනාධිපතිතුමා වංචනිකයින්ට ගසාකන්න ඉඩ දීලා
12:12
Video thumbnail
L බෝඩ් කණ්ඩායමට රට දෙන්න එපා කියලා රනිල් එදාම කිව්වනේ
10:38
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02