කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි සහ අවසන් මෙන් ම තීරණාත්මක පන්දුවාර 20 තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවුණා.

තරගය අද (17) රාත්‍රී 7ට දඹුල්ලේ දී ආරම්භ වූ අතර කාසියේ වාසිය කොදෙව් නායක පවල්ටයි හිමිවුණේ.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තා.

නමුත් ආරම්භයේ සිටම දඟ පන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට තීරණය කළ නායක චරිත් අසලංකගේ තීරණය මත පළමු පන්දුවාරය යැවීමේ වගකීම හිමිවූයේ මහීෂ් තීක්ෂණටයි.

සිය නායකයාගේ තීරණයට නිසි සාධාරණය ඉටු කළ මහීෂ් තීක්ෂණ කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු 05ක දී බිඳ දැමුවා.

ඒ එවින් ලෙවිස් ව කිසිදු ලකුණක් නොදී ක්‍රීඩාගාරයට යළි හරවා යැවීමෙන්.

කොදෙව්වන්ගේ දෙවැනි කඩුල්ල ද ලකුණු 42දී අහිමි වන අතර එතැන් සිට ලකුණු 20ක් තුළ කොදෙව්වන්ගේ කඩුලු 03ක් දවා ගන්නට ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සමත් වුණා.

ලකුණු 62ක් වන විට කොදෙව්වන්ගෙන් කඩුලු 05ක් බිඳ වැටී තිබූ අවස්ථාවක නායක රෝව්මාන් පවල් සමග එක් වූ ගුඩකේෂ් මොටී ලකුණු 54ක සබඳතාවක් ගොඩනැගීමටයි සමත් වූයේ.

දඟ පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අනුකම්පා විරහිතව දැවැන්ත හයේ පහර එල්ල කළ පවල් සහ මොටී බිඳ වැටුණු කොදෙව් ලකුණු පුවරුවට යළිත් පණදෙන්නට වුණා.

මොටී පන්දු 15ක දී ලකුණු 32ක් රැස් කළේ හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් ද සමගින්.

පන්දුවාර 20 අවසානයේ කොදෙව්වන් කඩුලු 08ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර සිටි නායක පවල් පන්දු 26ක දී ලකුණු 37ක් ලබා සිටියදී දවා ගන්නට මතීෂ පතිරණ සමත් වුණා.

පවල්ගේ ලකුණු 37ට හයේ පහර 03ක් සහ හතරේ පහරක් ඇතුළත්.

බ්‍රැන්ඩන් කින්ග් ලකුණු 23ක් ද, ශායි හොප් සහ ශෙපර්ඩ් ලකුණු 18ක් ද සිය කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු 02ක බැගින් ද, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ හා නුවන් තුෂාර එක්ව එක් කඩුල්ල බැගින් ද බිඳ දැමුවා.

ඒ අනුව පන්දු 120ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක් අවශ්‍ය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?