AFC Banner
Empty Ad
Empty Ad

ඌරු මස් කන ඔබට කට රත් වෙන නිවේදනයක්

මේ දිනවල ඌරු මාංශ ආහාරයට ගැනීමේ දී වඩාත් කල්පනාකාරී වන ලෙස මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ;
මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඌරු ගොවිපොළවල්වල සිදුවන හදිසි ඌරු මරණ වාර්තා වී ඇති බැවින් එම සත්ත්ව මාංශ භෝජනයට ගන්නන් වැඩිවශයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

පසුගියදා අනුරාධපුර ඇතුළු විවිධ ප්‍රදේශවලින් ඌරු ගොවිපොළවල්වල ඌරන් වෛරසයක් වැළඳීමෙන් මියයන බවටයි වාර්තා වුණේ.

පශු වෛද්‍ය නිලධාරීන් සඳහන් කළේ; එම වෛරසය වැළඳුණු විට ලබාදීමට ඇති එන්නත් වර්ගය හෝ ඖෂධ කිසිවක් මේ වනවිට තම රෝහල්වල නොමැති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට දිවයිනේ සෑම පශු වෛද්‍ය කාර්‍යාලයකට ම දැනුම්දී ඇත්තේ අදාළ ඌරන් මියයාමට නිශ්චිත හේතුවක් සොයාගැනීම කඩිනම් කරන ලෙසත් සත්ත්ව ගොවිපොළවල් අයිති කිසිදු හිමිකරුවෙකු මියගිය ඌරන්ගේ මාංශ මහජනතාවට අලෙවි නොකිරීමට වගබලා ගත යුතු බවයි.

එය එසේ නොවුණහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?