AFC Banner
Empty Ad
Empty Ad

Hpv එන්නත විද්ද 7 පන්තියේ ශිෂ්‍යාවන් 05 දෙනෙකු රෝහල්ගත කෙරේ

ගැබ්ගෙල පිළිකා (Hpv) වැළැක්වීම සඳහා දෙන එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් 05 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට – වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවන් පස්දෙනෙක්.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ
එම පාසලේ 7 ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබා දී තිබෙනවා.

එන්නත ලබා දී මඳ වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදි රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

එම රෝහලේ දී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

එම සිසුවියන් මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන තවත් හෝඩුවාවක් එළියට...#pasku #gotabayarajapaksa #akd #npp
Video thumbnail
ලොවෙත් නැති වෙන්න දිනලා ලොවෙත් නැති වෙන්න ණය ගන්න අනුරට සැපට දෙසන ලන්සා
Video thumbnail
සජිත් දිනුවනම් සජිත් නෙවෙයි පේන්න ඉන්නේ අරයව - ලාල් කාන්ත සජිත්ට සැරටම දෙසයි
13:18
Video thumbnail
වැරෙන් ගහපු දිල්ෂාන් මදුෂා එක්ක කරන්න යන වැඩේ
02:58
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11
Video thumbnail
විධායක බලතලත් තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන හන්ගන් ඉන්නවනම් ඒක බරපතල වරදක්
02:08
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30

?