නිවාස බිඳ දේපොළ කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

නිවාස බිඳ දේපොළ, මුදල් සොරකම් කිරීම, රන්මාල කොල්ලකෑම සහ රාජ්‍ය බැංකුවක මුදල් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයෙකු අද (16) දින අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් එහි අපරාධ විමර්ශන අංශය මගින් අදාළ මෙහෙයුම සිදු කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂ 50කට වැඩි රන් බඩු තොගයක්, උණු කළ රත්තරන් ග්‍රෑම් 128ක්, කඩුවක්, සොරකම් සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් ඇතුළු හෙරොයින් මත්කුඩු ද සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර – තන්නායම්කුලම හි පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

හෙරොයින් මත්කුඩු පානයට තදින් ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු නිවසක් ඉදි කරන බවට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයක දී සොරකම් කරන ලද රන්මාලයක්, පෙණ්ඩනයක්, කරාබු ජෝඩුවක්, සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී මෙම කොල්ලකෑම් සඳහා යොදා ගන්නා ලද කඩුවක්, ගයින්ඩරයක්, අඩුවක්, මූණ වසා ගැනීමට යොදා ගන්නා රෙදි කැබැල්ලක් ,ජැකට්ටුවක් ඇතුළු උපකරණ රාශියක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ. 

අත්අඩංගුවට ගත් සැකකරු සොරකම් කරන ලද භාණ්ඩ අනුරාධපුර නගරයේ ස්ථාන දෙකකට අලෙවි කර රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් ලබාගෙන තිබූ බවත් එම මුදලින් නිවස අලුත්වැඩියා කරන අතරවාරයේ, සැකකරු දිනපතා රුපියල් 32,000ක මුදලක් වියදම් කර හෙරොයින් මත්කුඩු පානය සිදු කරන බව සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12