ආසියාව මෙවර කාන්තා 20-20 ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

2016 වසරෙන් පසු පළමු වරට කාන්තා පන්දු වාර 20-20 ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට ඊයේ (14) හැකියාව ලැබුණා.

ඒ, පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ පැවති මූලික වටයේ තරගය 54 කින් ජයගැනීමත් සමඟයි.

නවසීලන්ත ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ පාකිස්ථානයට සහ ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමට ද මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු වුණා.

ඊයේ පැවති තරගය පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ජයගැනීමට හැකිවූවා නම් මෙවර තරගාවලියේ නවසීලන්ත සහ පාකිස්ථාන අභිබවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදාවනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ රඳවාගෙන තිබූ ඉහළ දළ ලකුණු වේගය හේතුවෙන්.

ඒ, අනුව මෙවර කාන්තා පන්දුවාර 20-20 තරගාවලියට සහභාගී වූ ආසියානු කණ්ඩායම් සියල්ල මේ වනවිටත් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වී අවසන්.

මේ අතර තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (15) රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතරයි.

මෙම තරගයේ තීරණය බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම්වල මෙන්ම දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩයමේ ද ඉදිරිය තීරණය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12