AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) දිනයේ වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට (14) දිනයේ වසා තැබෙන අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් ද හෙට වසා තැබෙන බවයි අධ්‍යාපන බලධාරීන් පවසන්නේ.

මීට අමතරව කැලණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික විද්‍යාලය බියගම ප්‍රථමික විද්‍යාලය සහ යබරලුව ආනන්ද විද්‍යාලයට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී ඇති බව මීට පෙර නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?