AFC Banner
Empty Ad
Empty Ad

පිටකොටුවේ ඝාතකයාගේ රුව මාධ්‍යට නිකුත් වෙයි – තොරතුරක් දන්නේ නම් කියන්න (වීඩියෝ)

පිටකොටුව, රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දී පසුගිය 05 වනදා අලුයම් කාලයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර මෙම ඝාතන සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඝාතනය ලක් වූ පුද්ගලයාගේ පිටු පසින් පැමිණි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී පළායන ආකාරය අදාළ සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙනවා.

අපරාධය සිදුකළ පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

ඒ, අනුව පහත දැක්වෙන ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591555 හෝ 071 8594405 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?