AFC Banner
Empty Ad
Empty Ad

බස් සහ කෝච්චිවල දී ලැප්ටොප් උස්සන හොරෙක් අත්අඩංගුවට

බස් රථවල සහ දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක සොරාගත් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

කොළඹ සිට අලුත්ගම, කළුතර මෙන්ම පානදුර සිට රත්නපුර දක්වා ගමන් ගන්නා බස් රථවල සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන් හී ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක මම සැකකරු විසින් බහුලව සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ලැප්ටොප් පරිගණක සොරගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු මෙම සොරකම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හොරණ, හල්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්‍ර 07ක් සහ ජංගම දුරකථන 05ක් විවිධ ස්ථානවලට අඩු මුදලට අලෙවිකර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද (13) හොරණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?