සැකකටයුතු කැබ් රථයක් ගලපිටමඩින් අල්ලයි – වසන්ත පාවිච්චි කළ බවට හෙළිවෙයි (වීඩියෝ)

සැකකටයුතු කැබ් රථයක් ගලපිටමඩ – කඩිගමුව ප්‍රදේශයේ දී ගලපිටමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කැබ් රථය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් රථයක් බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් එම රථය සමගි ජන බලවේගයේ දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක විසින් පාවිච්චි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද (12) මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සේනානායක පැවසුවේ තමන් මෙම රථය තවත් පුද්ගලයෙකුගෙන් කුලී පදනම මත ලබාගෙන තිබූවක් බවයි.

මෙම කැබ් රථයේ වත්මන් හිමිකරු බව කියන විජයරත්න නැමැති පුද්ගලයා විසින් එය මාර්ග සංවර්ධන අධිකාරියේ වෙන්දේසියකින් මිලදී ගෙන ඇති බවයි වසන්ත සේනානායක වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම රථය සමඟ තවත් කැබ් රථ දෙකක් එම වෙන්දේසියෙන් අදාළ පුද්ගලයා මිලදී ගෙන ඇති බව මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

වාහනයේ හිමිකරු බව කියන විජයරත්න නැමැත්තා මෙලෙස අදහස් දක්වා සිටියා,

“මම මාස තුනකට ඉස්සරලා RDA එකෙන් වාහන තුනක් (කැබ් රථ) ගත්තා. ඒ තුනෙන් එකක් රේපෙයාර් කරල වසන්ත සේනානායක මහත්තයාට කුලියට දුන්නා. RDA එකෙන් ගත්ත ලියකියවිලි මං ළඟ තියෙනවා. දැනට මාරු කිරීමේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ලියකියවිලි වලින් සම්පූර්ණ අයිතිවාසියකම දීලා තියෙනවා.”

මේ අතර බෙලිඅත්ත – පුවක්දණ්ඩාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක සහිත පෙජරෝ වර්ගයේ ජීප් රථයක් සොයාගෙන තිබෙනවා.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති අමිල අබේසේකර විසින් සැඟවූ රථයක් බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් බෙලිඅත්ත, කොස්ලන්ද ප්‍රදේශයේ තිබී තංගල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?